මංගල දිනය හැඩකරන ක්ෂේත්රයේ මෙහෙයක් ඉටුකරවන වෘත්තිකයන්ගේ එම හැකියාවට අගයක් දෙනු පිණිස එම ක්ෂේත්රයේ වසර විස්සකට අධික කාලයක අත්දැකීම් ඇති ඒ .ආර් මයිකල් මහතා විසින් ලංකාවෙි විශාලම මංගල උත්සව වෘත්තිකයන් ගේ සම්මානය උළෙල සංවිධානය කිරීම පිළිබදව මාධ්‍ය හමුවක් පසුගිය දා පැවැත්විණ.
තම ස්ටාර් ඉවෙන්ට්ස් මගින් සංවිධානය කර සැප්තැම්බර් මසදී පැවැත්වීමට කටයුතු කරන මෙය Srilanka wedding Awards ලෙස නම් කර ඇත.
මංගල උත්සව සැළසුම්කරණය,හොටෙල් පහසුකම් සැපයීම,මනාලියන් හැඩගැන්වීම,මංගල ඡායාරූපකරණය,රූපලාවන්‍ය ,සංගීතය හා විනෝදාස්වාදය සැපයීම ආදී අංශ 12 ක් සදහා විශිෂ්ඨතම සම්මාන 23 ක් ලබාදීම මෙහිදී සිදුවනු ඇත.එමෙන්ම අනෙක් සම්මාන උළෙලවල් වලට වඩා මෙහි ඇති වැදගත්ම කාරණය නමි විනිවිදභාවයකින් කටයුතු කරන විනිශ්වමණ්ඩලයක් හා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එහි ජයග්‍රාහකයන් බිහිකිරීම සිදුකරන බැවිනි.
“SriLanka Wedding Awards” නියත වශයයන්ම ශ්‍රී ලංකාවෙි මංගල උත්සව සංවිධානය කිරීමෙි කර්මාන්තය අනාගතයට ගැලපෙන ලෙස නව ප්රමිතීන් ගොඩ නගමින් ජාතයන්තර වෙළදපොළ වෙත ගෙන යන අලුත් ප්රවනතාවයක් වන බව සහතික වශයෙන්ම කියන්න පුළුවන් බවයි එහි සංවිධානයක ඒ ආර් මයිකල් මහතා පවසනවා.
ජීවිතයේ විශේෂම අවස්ථාව හැඩකරවන ඔවුන්ව ජාත්‍යන්තරයට රැගෙන යන Srilanka Wedding Awards කලක සිට පැවති අඩුපාඩුවක් ඒ.ආර් මයිකල් මහතා විසින් සම්පූර්ණ කරවන්නට මෙවැන්නක් සංවිධානය කරවීමට පවතින සූදානම ගැන ක්ෂේත්රය තුල ඇත්තේ ඉමහත් ප්‍රසාදයක්.
0 Comments